කුරුණැගල අලව්ව ප්‍රදේශයේ යාන්ගල්මෝදර ග්‍රාමයේ ඉතාමත් සුන්දර වු කදු මුදුනක පිහිටා ඇති පාරිලෙය්යනම් වු ස්ථානයේ පුජනීය නටබුන් විනාශ වෙමින් යම්න් තිබියදී 2003 වර්ෂයේ ඉඩමේ හිමිකරු වශයෙන් සිටි ධනපාල සමරකෝන් මහතා බුද්ධ ශාසනයේ චිරස්තථිය උදෙසා මෙම භුමිය සසුනට පුජා කරන ලදී. ඉන් පසු මෙම පුජනීය භුමිය පාරිලෙය්‍ය වන අරණ ලෙස හදුන්වනු ලැබිය.
එම කාලය තුල අවාන් ආරියධම්ම ස්වාමින් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ විසු අතර වසර 04 ක කාලය පමණ උන්වහන්සේ විහාරාධිපති වශයෙන් කටයුතු කර ඇත. පැවති දුෂ්කරතා හමුවේ උන්වහන්සේ විහාරස්ථාන අත හැර ගොස් ඇත.ඉන් පසු වෙනත් ස්වාමින් වහන්සේ නමක් වසරක් පමණ වැඩ විසු අතර උන්වහන්සේ ද විහාරස්ථාන අතහැර ගොස් ඇත.ඉන් අනතුරුව භික්ෂුණින් වහන්සේ නමක් වසර 02 පමණ වැඩ විසු අතර භික්ෂුණින් වහන්සේ ද පැවති දුෂ්කරතා හමුවේ පාරිලෙය්‍ය වන අරණ අතහැර ගොස් ඇත. 2013 වර්ෂයේ මාර්තු මස මුල් භාගයේ පමණ වත්මන් විහාරාධිපති වශයෙන් කටයුතු කරන ස්වාමින් වහන්සේ මෙම ස්ථානයට වැඩ කොට ඇත. පාරිලෙය්‍ය වන අරණ විනාශ මුඛයට යනු දුටු උන්වහන්සේ එතැන් පටන් ආරණ්‍ය සේනාසනය රැක ගැනිමට කටයුතු ආරම්භ කරන ලදී.
Comments
Post a Comment